රට වටා ඇති ජනාධිපති මන්දිර මහජන සේවයට…!

November 8, 2024 at 9:52 am | by emanisa.lk

රටේ විවිධ ප්‍රදේශවල ඉදිකර තිබෙන ජනාධිපති මන්දිර සියල්ල මහජන සේවාව වෙනුවෙන් යොදා ගැනීමට රජයේ සැලසුම් කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවට ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම පියවර ගෙන තිබේ.

නුවරඑළිය, කතරගම, මහනුවර, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජනාධිපති මන්දිර ඉදිකර තිබෙන අතර ඒවා නඩත්තු කිරීම සඳහා අධික පිරිවැයක් රජයට දැරීමට සිදුව ඇත.

ජනාධිපතිවරයාට යම් රාජකාරි කටයුත්තකට කොළඹින් බැහැරව සිටීමට සිදුවුවහොත් ඒ සඳහා ස්ථානයක් වෙන් කර ගත හැකි බව මේ සම්බන්ධව අදහස් දක්වමින් කරුණු පැහැදිලි කරුණු පැහැදිලි කරන අමාත්‍ය විජිත හේරත් මහතා කෝටි ගණන් වැය කරමින් මෙවැනි මන්දිර නඩත්තු කිරීම රටකට කරන අපරාධයක් යැයි ද පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *