රට ම ඇන්දූ ගානියා බැරිස්ටර් වරද පිළිගනි..! නඩු තීන්දුව මෙන්න…!

July 14, 2023 at 1:34 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව රුපියල් 5,000ක දඩයක් සහ වසර 05ක් අත්හිටවූ බරපතළ වැඩසහිත වසර 02ක සිරදඬුවම් නියම වෙයි.

2020 වසරේ සුදු වෑන් රියකින් තමන් පැහැරගත් බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම ඇයට එරෙහි චෝදනාවයි.

අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මෙම තීන්දුව ලබාදී තිබුණි.

එමෙන්ම රුපියල් ලක්ෂ 20 වන්දියක් ගෙවීමට ද ඇයට නියෝග කළ විනිසුරුවරයා, එකී වන්දි හා දඩ ගෙවීමෙන් අනතුරුව සිය අධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ආගමන විගමන පාලකවරයා වෙත නියෝග නිකුත් කරන ලෙස ද දැනුම් දුනි. අධිකරණය භාරයේ තිබෙන ඇයගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඇයට භාරදෙන ලෙසට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *