රට භාර දෙන්න ඕන අභියෝග දැක පළා යන ධම්මිකලාට නෙමෙයි, දිලිත්ලාට…! – ගෙවිඳු…

August 7, 2024 at 7:42 pm | by emanisa.lk

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයේ අභියෝගය භාර ගැනීමට ධම්මික පෙරේරා සූදානම් නොමැති බව ඔහුගේ ප්‍රකාශයෙන් තහවුරු වන බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

දිලිත් ජයවීර සර්වජන බලය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ද දැවැන්ත අභියෝග මැද බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මෙම දෙදෙනාගේ හැසිරීමෙන් ව්‍යාපාරිකයෙකු සහ ව්‍යවසායකයෙකු අතර පවතින වෙනස පැහැදිලි වන බව ඔහු සඳහන් කරයි.

රට හමුවේ ඇති අභියෝගවලට මුහුණ දිය හැක්කේ මෙලෙස තමා ඉදිරියේ ඇති ඕනෑ ම අභියෝගකට සාර්ථකව මුහුණ දිය හැකි දිලිත් ජයවීර වැනි අයකුට බවත් ඒ පිළිබඳ රටේ ජනතාව ගැඹුරින් සිතා බැලිය යුතු බවත් ගෙවිඳු කුමාරතුංග අවධාරණය කරයි.

ගෙවිඳු කුමාරතුංග මේ බව ප්‍රකාශ කළේ, අද (07) සර්වජන බලය මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *