රටේ බංකොලොත්භාවය ප්රකාශයට පත් කිරීම විසඳුමක් නොවන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
තමන්ගේ එම අදහස සමග පක්ෂ නායකයින් 04 දෙනාම එකඟ වූ බවයි, ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඇමරිකාව තම ණය ප්රතිව්යුහගත නොකර බවත් එය කිසිදා සිදු නොවන බවත් ජෝ බයිඩන් අවධාරණය කරයි.
මේ වන විට ඇමරිකාව දළ ජාතික නිෂ්පාදිතයෙන් 129%ක් ණය වන අතර එම ලැයිස්තුවෙන් ඉහළින් ම සිටින ජපානයේ ණය ප්රතිශතය 264%කි. ඇමරිකාවට එම ලැයිස්තුවේ 05 වන ස්ථානය හිමි අතර ලංකාව 114%ක ණය ප්රතිශතයක් සමග 7 වන ස්ථානයේ රැඳී ඇත.
All four of the Congressional leaders agree with me that default is not an option.
I expect each of these leaders to live up to that commitment.
America has never defaulted on its debts. And it never will.
— President Biden (@POTUS) May 21, 2023