පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යැයි වචනවලනින් කීවද එය ගොඩනැඟීමට විශාල කැපකිරීමක් කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන පවසයි.
රටේ ව්යවසායක්තවය ගොඩනැඟීම ආදියට රජයට විශාල දායකත්වයක් ලබා දිය නොහැකි බවත් රට බංකොලොත්භාවයෙන් ගොඩනැඟීමට රජයට මැදිහත් වීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
රට බංකොලොත්වීමට පවතින රජය වගකිව යුතු නැති අතර මෙතෙක් පාලනය කළ සියලු පක්ෂ ඊට වගකිව යුතු බව ද ජගත් විතාන සඳහන් කරයි.
කළුතර එක්සත් වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ වාර්ෂික හමුවට එකතු වෙමින් ඔහු මේ බව කීය.