කැලේට හරක් දක්කන්න ගිය ඇමැති විමලවීර කැලෑ 69ක් රක්ෂිත කරයි…!

January 6, 2021 at 10:40 am | by emanisa.lk

දිස්ත්‍රික්ක 15ක කඩොලාන ඇතුළු වනාන්තර 69ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඇමැති විමලවීර දසානායක වනාන්තර හෙක්ටයාර් 40761 නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් පත්‍රයට ඊයේ (05) අත්සන් කළේ ය.

මොනරාගල, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, පුත්තලම, නුවරඑළිය, මහනුවර, මන්නාරම, පොළොන්නරුව, අම්පාර, කෑගල්ල, කිලිනොච්චිය, බදුල්ල, ගම්පහ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇති වනාන්තර මෙසේ රක්ෂිත බවට නම් කර ඇත.

ගැසට් ලේඛනයට අත්සන් තැබීමෙන් අනතුරුව එම ලේඛනය වනජීවී රැකවරණ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට භාරදෙනු ලැබීය.

අම්පාර දිස්ත්‍රික්කයේ ටැම්පිටිය වනාන්තරයේ හෙක්ටයාර් 2669.06, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිකිළියාමාන වනාන්තරයේ 4627.624, අනුරාධපුර ආනවිලුන්දාව වනාන්තරයේ හෙක්ටයාර් 25058.59 මෙලෙස ප්‍රකාශයට පත්කළ රක්ෂිත අතර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස