රට පුරා ගෑස් හිඟය කූඨ වෙළෙන්දන් නිසා ද..! ජනතාව පෝලීම්වල දුක්විඳිද්දී ලොරි හතරක ගෑස් සිලින්ඩර් 4000ක් හංගලා…!

March 16, 2022 at 6:18 am | by emanisa.lk

ගෑස් සමඟ සිලින්ඩර් තොගයක් අඟුණකොලපැලැස්ස ප්ර්දේශයේ සඟවා ගෙන සිටිය දී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඊයේ  (15) අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව ඒවා පාරිභෝගිකයින්ට නියමිත මිළට ලබාදීමට පියවර  ගත් බව හම්බන්තොට දිස්ත්රිික් පාරිභෝගික සේවා කාර්යාලයේ විමර්ශන නිළධාරි  දිනුෂ ලක්මාල් කීය.

මෙලෙස ගෑස් සමඟ ලොරි හතරක  සිලින්ඩර් 4000 කට ආසන්න සංඛ්‍යාවක් සඟවා තිබූ බව එම නිළධාරීහු පවසති.

මිල වැඩි වන තෙක්  මෙම ගෑස් තොගය සගවා ගෙන සිටි හෙයින් එම නියෝජිතයාට එරෙහිව නිතිය ක්රි යාත්මක කිරිමට කටයුතු කළ බවද    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාරිභෝගික සේවා කාර්යාලයේ නිලධාරීහු පවසති.

ප්‍රධාන කාර්යාලයෙන් ලද  තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ තිබු සියලු ගෑස් සිලින්ඩර්  පාරිභෝගිකයින් හට දැනට පවතින  මිලට  අලවි කිරීම සිදුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *