රට තුළ කර්මාන්ත උන්මාදයක් ඇති කරනවා..! – ඇමති සුනිල් හඳුන්නෙත්ති..

February 28, 2025 at 10:08 am | by emanisa.lk
සිය ආණ්ඩුව යටතේ රට තුළ කර්මාන්ත උන්මාදයක් ඇති කිරීමට පියවර ගන්නා බව ව්යවසායකත්ව සංවර්ධන හා කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති පවසයි.
“අපේ රටේ පාසල් දරුවාගේ සිට සා පෙළින්, උසස් පෙළින් පසු විශ්වවිද්යාලයට යන්න බැරි වෙන අයත්, රැකියාවකට යන්න බැරි වෙන අයත් දේශීය හා ජාත්යන්තර මට්ටමේ ව්යවසායකයන් බවට පත් කිරීම ආණ්ඩුවේ අරමුණ හා ඉලක්කය වී තිබෙනවා.
මීට් ද මිනිස්ටර්, වැඩසටහනින් අප කර්මාන්ත ගමට හඳුන්වාදෙන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ගම් මට්ටමේ සිට කර්මාන්ත පිළිබඳ උනන්දුවක් ඇතිකිරීමට අපි කටයුතු කරනවා. එහි ආරම්භක පියවර ලෙස ජනාධිපතිතුමා විසින් කර්මාන්ත සඳහා අවශ්ය සහයෝගය ලබා දෙන ආයතන සියල්ල එක අමාත්යාංශයක් යටතට පත් කර තිබෙනවා. කර්මාන්ත අමාත්යාංශය යටතේ ඒ සඳහා ප්රතිපත්ති සම්පාදක කමිටු 20ක් පිහිටුවා තිබෙනවා. ලබන වසරේ නව තීරු බදු ප්රතිපත්තියක් හඳුන්වා දෙනවා.
අපි මොන ආයතන පිහිටෙව්වත් මොන ප්රතිපත්ති හැදුවත් මහ ජනතාවට එයින් වැඩක් වෙන්නේ නැත්නම් එම ආයතනවලින් ප්රතිපත්තිවලින් වැඩක් නෑ. මහ ජනතාව ඒවත් එක්ක බද්ද වෙන්නේ නැත්නම් වැඩක් නෑ. මීට කලින් කර්මාන්ත අමාත්යාංශය යටතේ තිබිය යුතු ආයතන තිබුණේ වෙන වෙන තැන්වල. ඒ නිසා ඒවායින් විධිමත් වැඩක් සිදුවුණේ නෑ.
අද ප්රශ්න විසඳගන්න හතර පැත්තට යන්න ඕනි නෑ එකම තැනකින් ඒ ටික කර ගන්න පුළුවන් වනවා. අපේ රටේ සමහර කර්මාන්තකරුවන් ඉන්නවා ඒ අය කර්මාන්ත අමාත්යාංශය තියෙන තැනවත් දන්නේ නෑ. අද මෙතැනට ඇවිත් ඉන්න වැඩි දෙනකුත් කර්මාන්ත අමාත්යාංශය තිබෙන තැන දන්නේ නෑ. මෙරට කර්මාන්තවලට තිබෙන තැන එයින්ම තේරුම් ගන්න පුළුවන්.
කර්මාන්ත තියෙන්නේ ගමේ නම් අවශ්ය සේවය සපයන්නත් ඕනි එම ප්රදේශයට ගිහින්. ඒ වෙනුවෙන් තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. ඉදිරියේදී කර්මාන්තකරුවන්ට ගෙදර ඉඳන් ප්රශ්න විසඳගන්න පුළුවන් වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා. අපිට දැනටමත් කැබිනට් අනුමැතිය ඇතිව දිස්ත්රික් කර්මාන්ත ප්රවර්ධන සභා දිස්ත්රික්ක පුරා පිහිටුවන්න කටයුතු කරනවා. අද රත්නපුරේ මෙම කටයුත්ත ආරම්භ කරනවා. ප්රාදේශීය මට්ටමේ ඉන්න කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳන්න ප්රාදේශීය කර්මාන්ත කමිටුත් පිහිටුවනවා.
මේ දෙකෙන්ම විසඳගන්න බැරි ගැටලු විතරයි අමාත්යාංශයෙන් විසඳගන්න ඕනි. දැන් මේ වනකම් සිද්ධ වුණේ. උදේ තුන හතරට නැඟිටලා අම්පාරේ, ගාල්ල, මාතර මිනිස්සු කොළඹ කර්මාන්ත අමාත්යාංශයට එනවා ගැටලු විසඳගන්න. ඒකට හේතුව තමයි මෙම ගැටලු දිස්ත්රික්කය තුළම විසඳගන්න නිසි යාන්ත්රණයක් ක්රියාත්මක නොවුණ එක. අපි ඒක ආරම්භ කරනවා.”
ඇමති හඳුන්නෙත්ති මේ අදහස් පළ කළේ රත්නපුර දිස්ත්රික් කර්මාන්ත සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *