මේ රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් අනතුරු අඟවයි.
අතීතයේ සිට විවිධ ජාතීන් සහ ආගමිකයන් සහෝදරත්වයෙන් ජීවත් වූ රටක් වුවද අද ඇතැම් පිරිස් බුදුදහමට සහ අපේ සංස්කෘතියට විනාශකාරී බලපෑම් එල්ල කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද උන්වහන්සේ පෙන්වා දෙති.
බදුල්ල මුතියංගණය රජමහා විහාරයේ ඊයේ 18 පැවැති ආගමික වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේ බුදු දහම, ජාතිය සහ ශිෂ්ටාචාරය විනාශ කිරීමේ අරමුණින් ඇතැම් කටයුතු අද සිදුවෙමින් පවතිනන බවයි.
උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ රටේ මහ ජනතාව අවදියෙන් සිටිය යුතු බව මහා නා හිමියෝ පෙන්වා දෙති.
රටේ සංස්කෘතිය සහ බුදු දහම ආරක්ෂා කර ගැනීම භික්ෂූන් වහන්සේලාට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බව පෙන්වා දෙන මහනාහිමියෝ ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළහ.