අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ම විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාව සඳහා අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන අමාත්‍යවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්ව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පැනනැගී ඇති අධ්‍යාපන විෂමතාවට පිළියමක් ලෙස මෙම ගුවන් විදුලි නාලිකාව ආරම්භ වන අතර එය කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිතය.
ඒ සඳහා දැනට දිවයිනම ආවරණය වන පරිදි විකාශය වන ගුවන්විදුලි සංස්ථා නාලිකාවක් යොදා ගැනීම සඳහා අදාල කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබේ.