රටේ මූල්‍ය විනයක් තිබ්බේ නෑ… හිතෙන හිතෙන දේ කළා… රොකට් අරින්න හිතුණාම රොකට් ඇරියා…! – ජනපති…

November 8, 2025 at 8:16 am | by emanisa.lk

මුල්‍ය නොසැලකිලිමත්භාවයෙන් පැවති යුගය අවසන් කර මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමට තම පාලනය සමත් වී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

“දකින දකින දේ කරන්න පටන් ගත්තා. හිතුණා හිතුණ දේ කරන්න පටන් ගත්තා. රොකට් යවන්න ඕනි වෙනකොට රොකට් යවන්න යනවා.

කාර් පදින්න හිතනකොට කාර් පදින්න යනවා. කුලුනු ගහන්න හිතුනම කුලුනු ගහන්න යනවා. අපේ ආර්ථිකයට කිසිදු විනයක් තිබුණේ නෑ.”

එම යුගය අවසන් කර මේ වන විට නීතිමය රාමුවක් ප්‍රතිෂ්ඨාපනය කර ඇති බවද ජනාධිපතිතුමා ඊයේ (08) පාර්ලිමේන්තුවේ අයවැය කතාවේදී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *