රටේ පාතාල ඝාතන රැල්ලක් නොමැති අතර පසුගිය වසරවලට සාපේක්ෂව එම සිදුවීම්වල අඩුවක් දැකිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පසුගිය වසරේ මුල් දින 45 ඇතුළත මෙවැනි ඝාතන 12ක් වාර්තා වුවද මෙම වසරේ එම කාලය තුළ වාර්තා වී ඇත්තේ ඝාතන 09ක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.
රටේ මහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති අතර තැන තැන සිදුවන හුදෙකලා සිදුවීම් හැර භීෂණයක් හෝ ඝාතන රැල්ලක් නොමැති බවද ඇමති ආනන්ද විජේපාල අවධාරණය කරයි.
අද (17) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.