ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානන්දන් ඉලංකුමාරන් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීවරයෙකුට පහර දී ඇතැයි වාර්තා වෙයි.
ඊට විරෝධය පළකරමින් එම දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරීන් සතියක් පුරා කළු පටි පැළඳ රාජකාරී කිරීමට තීරණය කර ඇතැයි Tamil guardian වාර්තා කරයි.
කිලිනොච්චි/පරන්තන් හින්දු මහා විද්‍යාලයේ ක්‍රියාත්මක වූ සුබසාධන මධ්‍යස්ථානයකදී ආපදා සහන සම්බන්ධීකරණ රාජකාරිවල නිරතව සිටි උමයල්පුරම් ග්‍රාම නිලධාරී තියගරාජා කලෙයිරුබන්ට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ඊට විරෝධය පළ කරමින් යාපනයේ ග්‍රාම නිලධාරීන් ද කළු පටි පැළඳ සේවයට වාර්තා කර ඇති අතර හදිසි නීති රෙගුලාසි පැවතිය ද ග්‍රාම සේවක කණ්ඩායමක් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිට කළු පටි පැළඳ විරෝධතාවක නිරත වූහ.
මෙම පහරදීමට හේතුව මන්ත්‍රීවරයා විසින් පරන්තන්හි ගංවතුර සහන මධ්‍යස්ථාන වෙත පිටතින් ගෙන ආ පිසූ ආහාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂා නොකරන පාර්සල් බෙදා හැරීමට ග්‍රාම නිලධාරියා එරෙහි වීමය. එවැනි ආහාර පරිභෝජනයට ආරක්ෂිත දැයි තහවුරු කර ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කිරීම සම්මත ක්‍රියා පටිපාටිය බව ග්‍රාම නිලධාරීහු පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සාධාරණ සහ නීත්‍යානුකූල විසඳුමක් නොලැබුණහොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ග්‍රාම නිලධාරීහු අනතුරු අඟවති.