රටේ කිසිම තෙල් හිඟයක් නෑ…උදේ 7 වෙද්දි ඇනවුම් 3000ක් ආවා…! – තෙල් සංස්ථා සභාපති…

March 1, 2025 at 3:35 pm | by emanisa.lk

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව රාජ්‍ය ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පවසයි.

“අද උදේ 7 වෙන කොට තෙල් ඇනවුම් 2924ක් ලැබී තිබෙනවා. සාමාන්‍ය දවසක වගේ ම බෙදා හැරීම් සිදු කරනවා. කොළොන්නාවට බවුසර් 140ක් විතර ආවා. මේ වෙද්දි 60ක් විතර නික්ම ගොස් තිබෙනවා. සුළු පිරිසක් විතරයි, මේ යම් ක්‍රියාවකට එකතු වෙලා තියෙන්නේ. මේ නිසා රටේ ගැටලුවක් ඇති වෙන්න කිසිම හේතුවක් නෑ. ජනතාවට කලබල වෙන්න කිසිම හේතුවක් නෑ”

අද (01) මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *