මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් ස්ප්‍රීතු ආරක්‍ෂිත තොග හිඟවීම නිසා ඉදිරියේදී මත්පැන් නිෂ්පාදනයට බලපෑම් එල්ල වියහැකි බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
වර්ෂයකට අරක්කු නිෂ්පාදනය සඳහා ස්ප්‍රිතූ ලීටර් මිලියන 32-34 ක පමණ ප්‍රමාණයක් ද ඖෂධ තිනර් ඇතුළු බෙහෙත් නිෂ්පාදන සඳහා තවත් ස්ප්‍රිතු ලීටර් මිලියන 03 ක් පමණ ද අවශ්‍ය වන බවත් ගණන් බලා ඇත.
පොහොර නොමැතිවීම නිසා උක්ගස්වල සාරය අඩුවීම, තිරිගු අස්වැන්න හිඟය, විදුලි කප්පාදුව, ඩීසල් ගැටලු ඇතුළු විවිධ හේතු නිසා මෙවර ස්ප්‍රීතු තොග නොමැති බවත් එය හිඟවීම නිසා ඉන් මත්පැන් නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇත.