රටේ ආරක්ෂාව භාරව ඉන්නේ පැලවත්තේ ප්‍රේස් තිබ්බ කයියෝ…! – ඩී.වී. චානක….

July 9, 2025 at 4:17 pm | by emanisa.lk

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරන්නේ පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ආයතනය භාරව කටයුතු කළ පිරිසම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

“සීඅයිඩී අධ්‍යක්ෂතුමා පැලවත්ත කාර්යාලයේ පේස් තිබ්බා. ආරක්ෂක අමාත්‍යංශේ ලේකම්තුමා පැලවත්ත කාර්යාලේ ප්‍රෙස් තිබ්බ අය. මේ තනතුරුවලට එන ක්‍රමවේදයක් තියෙනවා. එක්සෑම් ලියනවා.

මේ කිසිම දෙයක් නැතිව ඔබතුමන්ලගේ කාර්යාලෙට ඇවිල්ලා දේශපාලනේ කළාම තනතුරු දුන්නාම ඒක දේශපාලනේ තමයි. දේශපාලන පත්වීමක් තමයි. පොලිසිය භාර ලේකම් මාලිමාවේ තමයි. පක්ෂග්‍රාහියි තමයි. CID අධ්‍යක්ෂ පක්ෂග්‍රාහියි තමයි.

පාස්කු ප්‍රහාරය වගකීම් අතහැරීමක් කියලා දිගින් දිගටම චෝදනා කළා. එදා CID අධ්‍යක්ෂ කවුද? CID එකේ DIG කවුද? අද ඉන්නෙත් ඒගොල්ලෝ. බුද්ධි අංශ වාර්තා 90ක් තියෙද්දි සිද්ධි 17ක් වාර්තා වෙලා තියෙද්දි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *