රටේ ආරක්ෂක තත්ත්වය නරක අතට… රාත්‍රී මහජන හමු අවලංගු කරන්නැයි දැනුම් දෙයි…!

April 27, 2025 at 3:14 pm | by emanisa.lk

ආණ්ඩුවේ නොහැකියාව, බුද්ධි තොරතුරු නොමැති වීම, අත්දැකීම් නොමැති පිරිසක් රටේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සමග කරන සෙල්ලම විශාල අර්බුදයක් බවට පත්ව ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය යහපත් නොවන නිසා රාත්‍රියට මහජන රැස්වීම් නොපවත්වන ලෙස දැනුම් දී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

වෛරී සමාජයක් නිර්මාණය කර සමාජ මාධ්‍ය භීෂණය වැපිරීම පරාජය කිරීමට සියලු දෙනා එකතු විය යුතු බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

ආණ්ඩුවේ fake කමෙන්ට් බලකාය යම් සාධනීය විවේචනයක් කළ විට පවා විපක්ෂයේ දේශපාලනඥයන් වෙත මරණ වරෙන්තු නිකුත් කරමින් ඇතැයි ද දිලිත් ජයවීර පෙන්වා දෙයි.

සර්වජන බලය කඩුවෙල පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *