රටින් පළා යන්න සූදානම් නෑ..! ජනතාව සමග රට වෙනුවෙන් සටන් කරනවා..! – යුක්‍රේන ජනපති ඇමරිකානු ඉල්ලීම ඉවත දමයි…

February 26, 2022 at 12:39 pm | by emanisa.lk

තමා යුක්‍රේන අගනුවර වන කියුව් නගරයෙන් පළා ගොස් නොමැති බව එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

කියුව් නගරයේ තව දුරටත් රැඳී සිටින බවට විඩියෝවක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

තමා සමග අග්‍රාමාත්‍යවරයාත්, ජනාධිපති උපදේශකවරයාත්, ජනාධිපති කාර්යාල ප්‍රධානීයාත් රැඳී සිටින බව ප්‍රකාශ කරමින් එම විඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

මේ අතර, කියුව් නගරය තව දුරටත් රැක ගැනීම සඳහා සාමාන්‍ය වැසියන්ට ස්වංක්‍රීය ගිනි අවි ලබාදී ඇති බව ද සඳහන් වේ.

ඊට අමතරව අගනුවර තව දුරටත් රැක ගැනීම සඳහා ජනතාව සමග සටන් කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එසේ ම සිය රටින් පළා යාමට ඇමරිකාව කළ ආරාධනය ද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *