රටත් ජනතාවත් බුදු සසුනත් අනතුරේ… හරිනි අධ්‍යාපන ඇමති ධුරයෙන් නෙරපනු….! – ඇල්ලේ ගුණවංශ හිමි ජනපතිට දැනුම් දෙයි…

January 12, 2026 at 9:42 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස ඉල්ලමින් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමු කර ඇත.

අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තහවුරු වන්නේ ආණ්ඩුව යටතේ රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බරපතළ අන්තරායකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවය.

මේ ආකාර දුර්වල හා ජනතාව, රට පිළිබඳ තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය සිදුවන්නේ රටට හා ජනතාවට බවද උන්වහන්සේ එමගින් පෙන්වා දී ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භික්‍ෂුන්ගෙන්, අන්‍යාගමික පූජකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් ලබාගෙන නොමැති බැවින් එය විනිවිදභාවයෙන් තොර බව‍ද උන්වහන්සේ පවසා තිබේ.

ඒ අනුව ප්‍රතිසංස්කරණ ගෙන ආ ක්‍රමවේදය මුල සිටම වැරදි සහගත බවත්, එහි වලංගුතාවක් නොමැති බවත් අදාළ සංදේශයේ සඳහන්ය.

එකී අනතුරින් රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බේරා ගැනීමට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි යොමු කර ඇති සංදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *