වැඩබලන විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද තෙවන නම ද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා (05) කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් අට දෙනෙකු සහභාගී වී ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්නගේ නම යෝජනා කර ඇත.
ඇගේ පත් වීමට පක්ෂව සිව් දෙනෙකු පක්ෂව ඡන්දය පාවිච්චි කර ඇති අතර සිවිල් සාමාජය නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනා එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත. තවත් සමාජිකයන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටීම නිසා ඇය එම තනතුරට පත් කිරීමට නොහැකි වී තිබේ.
මීට පෙර එච්.ටී.පී. චන්දන සහ එච්.ඩී. ධර්මපාලගේ නම් නිර්දේශ වුව ද ඒවා ද ව්‍යවස්ථායක සභාව අනුමත කළේ නැත.