රටට අපකැප වී සේවය කළ මිනිසුන්ට ගෞරව කිරීම වෙනුවට ඔවුන්ගෙන් පළිගැනීමේ අතිශය අකෘතඥ වැඩපිළිවෙළක් මෙරට දැන් ක්රියාත්මක වන බව බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි පවසයි.
කිසිවෙකු එවැනි මිනිසුන්ගෙන් පළිගැනීමෙන් රට ගොඩනැඟිය හැකි යැයි සිතන්නේ නම් එය අවාසනාවක් බවද උන් වහන්සේ ප්රකාශ කරයි.
මේජර් ජනරාල් සුරේෂ් සලේ සිංහලයෙකු නොවුණද බෞද්ධයකු නොවුණද ඔහු මේ තම ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් සේවය කළ බවද ධම්මරතන හිමි පෙන්වා දෙයි.
මේජර් ජනරාල් සුරේෂ් සලේට ඉක්මනින් නිදහස ලබා පැමිණීමට තුනුරුවන්ගේ සහ දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවායැයිද උන් වහන්සේ ප්රාර්ථනා කළහ.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින මේජර් ජනරාල් සුරේෂ් සලේට සෙත් පැතීම සඳහා බෙල්ලන්විල රාජමහා විහාරයේ පැවැත්වූ බෝධිපූජා පිංකමට එකතු වෙමින් එහිමියන් මේ බව කීහ.