රටට බොරු කී සිපෙට්කො සභාපති ජනතාවගෙන් සමාව ගත යුතුයි…! – කාංචන….

November 7, 2024 at 9:55 am | by emanisa.lk

වෙනත් පාර්ශ්වවල ලාභ අලාභ මත ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල තීරණය නොවන බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් ආනයනයේ දී පිරිපහදුවේදී හා බෙදාහැරීමේදී සිදුවන පිරිවැය ආවරණය වන පරිදි මිල තීරණය වන බවයි.

මිල සූත්‍රයෙන් පරිබාහිරව හෝ වෙනත් යම් සහනාධාරයක් ලබාදීමට රජය තීන්දුවක් ගන්නවා නම් රජය ඒ සඳහා මුදලක් දැරිය යුතු බවට පමණක් ගිවිසුමේ සඳහන්ව ඇති බව ද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සභාපතිවරයාට අවබෝධයක් නොමැති නම් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් විමසන ලෙසත්, ඔහු එම ප්‍රකාශය කළේ අවබෝධයෙන් ජනතාව නොමග යැවීමට නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැදිය යුතු බවයි .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *