රටට ඇලවූ බංකොලොත් ලේබලය අපි අයින් කළා….! – මාලිමා මන්ත්‍රී….

December 30, 2024 at 11:13 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට ඇලවී තිබුණු බංකොලොත් ලේබලය ඉවත් කර ගැනීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමත්ව ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා පවසයි.

“අපිව බය කරන්න හදපු විපක්ෂයේ කතාවලට දැන් වෙලා තියෙන දේ තමයි විපක්ෂය බය වෙන විදිහේ ජාත්‍යන්තර සබඳතා ටිකක් දැන් අපි දවසින් දවස ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවා.
කොටස් වෙළඳපොළේ ඉහළම අගය දැන් අපි මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. බංකොලොත් යැයි කිව්ව සන්නාමය ඔන්න අපි දැන් අයින් කරගෙන තියෙනවා.

ඔන්න දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙලා තියෙනවා එයාලගේ තුන්වෙනි වාරිකයත් ඉතා ඉක්මනින් නිදහස් කරන්න. ඉතින් අපිට කියන්න තියෙන්නෙ ලස්සන රටක් ඉස්සරහට අරන් යන ක්‍රමයක් ගැන අපේ වැඩපිළිවෙළක් තියෙනව කියලා”

දිනේෂ් හේමන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *