රටට ආදරේ ස්වාධීන මන්ත්‍රීවරු එක්ක අපි කොළඹ බලය අල්ලනවා…! – සුනිල් වටගල…

May 11, 2025 at 4:10 pm | by emanisa.lk

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා මහන්සි නොවන ලෙස විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

තමන්ට එහි බලය පිහිටුවීම සඳහා තවත් ආසන 11ක් ද සජබයට ආසන 30ක් ද අවශ්‍ය බව පෙන්වා දුන් නි. ඇමතිවරයා, ඒ සඳහා පක්ෂවලින් නොව මේ රට හැදීමට කැමති රටට ආදරේ කරන මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සහය ලබා ගන්නා බව ද ප්‍රකාශ කරයි.

පළාත් පාලනය මැතිවරණය ජයගත් ස්වාධීන අපේක්ෂකයන් 11 දෙනෙකුට වඩා පිරිසක් දැනටමත් තමන් සමග සාකච්ඡා කොට ඇති බව ද සුනිල් වටගල අනාවරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *