රටක් ආලෝකමත් කළ ලංවිම අද අවසන් ගමනේ…. හෙට සිට අලුත් සමාගම් හයක්…!

March 9, 2026 at 1:03 pm | by emanisa.lk

මෙතෙක් ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලය අද මධ්‍යම රාත්‍රි නිල වශයෙන් අහෝසි වන අතර, හෙට (10) සිට එහි සියලු කටයුතු අලුතින් ස්ථාපිත කළ සමාගම් හයක් යටතට පවරනු ලැබේ.
මෙම තීරණයත් සමඟ මණ්ඩලයේ සේවය කළ 20,000කට ආසන්න කාර්ය මණ්ඩලය මෙම නව ආයතන වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.

2024 වසරේදී අදියර හතරකින් ලබාදුන් වැටුප් සංශෝධන හේතුවෙන් මතු වූ ගැටලු නිරාකරණය කරමින්, සේවකයන් සඳහා 10%, 5% සහ 7% ලෙස වැටුප් වැඩිකිරීමක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ප්‍රතිලාභය 2026 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි හිඟ වැටුප් සහිතව හිමිවන බව පාලනාධිකාරිය තහවුරු කරයි.

ස්ථාපිත කරන ලද නව සමාගම් අතුරින් තුනක් සඳහා ඉකුත් 6 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන විධායක නිලධාරීන් පත් කර ඇත.

විදුලිබල මණ්ඩලය අහෝසි වීමේ නෛතික ක්‍රියාවලියත් සමඟ, එම ආයතනය තුළ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති 40කට ආසන්න සංඛ්‍යාවක ලියාපදිංචිය ද අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවලංගු වනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය පිහිටුවනු ලැබුවේ 1969 නොවැම්බර් 1 වැනිදා 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත මගින් ස්ථාපිත කරන ලදී.

ලංවිම පිහිටුවීමට පෙර ලංකාවේ විදුලිබල කටයුතු මෙහෙයවනු ලැබුවේ රජයේ විදුලි කර්මාන්ත දෙපාර්තමේන්තුව (Department of Government Electrical Undertakings – DGEU) මගිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස