රජය දැනටමත් දවස් දෙකකට ප්‍රමාණවත් වී තොග මිලට ගෙන අවසන්…!

July 31, 2025 at 2:49 pm | by emanisa.lk

ජුලි මස 29 වන දින වන විට රජයේ සහතික මිල යටතේ වී මෙට්‍රික් ටොන් 5,222 ක් මිල දී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද සඳහන් කරයි.

වර්තමානයේ වී අස්වනු නෙළන ප්‍රදේශවල වී ගබඩා 100 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ක්‍රියාත්මක වේ.

ඉදිරි සතියේදී තවත් ප්‍රදේශ කිහිපයක වී අස්වනු වෙළඳපොළට පැමිණීමට නියමිත බැවින්, එම ප්‍රදේශවලද නව ගබඩා විවෘත කිරීමට කටයුතු යොදනු ඇත. වී මිලදී ගැනීම් සඳහා රජය විසින් රුපියල් මිලියන 6000 ක මූලික ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.

මෙම මුදල ප්‍රමාණවත් නොවන්නේ නම්, අවශ්‍ය අතිරේක අරමුදල් ලබාගෙන වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500 ත් 6,600 ත් අතර වේ. අවම දෛනික සහල් පරිභෝජනය සඳහා වී මෙට්‍රික් ටොන් 9,750 ත් 10,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍යය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *