රජයේ රැකියා උසස් පෙළ ඉසෙඩ් ලකුණට…!

July 12, 2024 at 5:22 pm | by emanisa.lk

රජයේ රැකියා ලබා දීමේ දී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අද (12) ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් රජයේ රැකියා දීමේදී වඩා ඉහළ පාරදෘෂ්‍යභාවයක් පවත්වාගත හැකි බවයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීම පිළිබඳ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

වෙනත් සුදුසුකම් ප්‍රමුඛ වන බැංකු වැනි ක්ෂේත්‍රවලට ඉසෙඩ් අගය සලකා බැලීම ගැටලු සහගත වුව ද කළමනාකරණ සේවය, ග්‍රාම සේවක සේවය ආදී ක්ෂේත්‍රවලට එය සලකා බැලිය හැකි බවයි, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *