රංජන් ජයලාල්ට මහේස්ත්‍රාත් බලතල තියෙනවා….! – දේවානන්ද සුරවීර…

December 20, 2025 at 10:26 am | by emanisa.lk

නගර සභා පනත අනුව නගරාධිපතිවරයෙකුට නිල නොලත් මහේස්ත්‍රාත් බලතල හිමිව ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කරයි.

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් කළ ප්‍රකාශයට චෝදනා එල්ල කළ ද ඔහු අදහස් කරන්නට ඇත්තේ එය බව ද ඔහු පෙන්වා දෙයි.

ආපදා අවස්ථාවකදී ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මෙම බලතල භාවිත කළ හැකි බවත් එසේ නැතිව ජනතාව තලා පෙලා දැමීමට ඒවා භාවිත කළ යුතු නැති බවත් හෙතෙම කියයි.

කෙසේ වෙතත් රන්ජන් ජයලාල් මෙම ආපදා තත්ත්වය තුළ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් සිටින බවත් ඒ අතරතුර ඇතැම් දේ සිදුවිය හැකි බවත් පවසන ඔහු වැඩ කරද්දී යම් අඩුපාඩු සිදුවිය හැකි බව ද සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *