රංජන් ඒක ගෞරව නාමයක්… ඔයාට නඩු අහන්න බෑ… වහාම ඔළුව බලව ගන්න…! – අජිත් පී. පෙරේරා…

December 17, 2025 at 2:50 pm | by emanisa.lk

නගරාධිපතිවරුන්ට යටත් විජිත ආණ්ඩු සමයේ සිට නිල නොලත් මහේස්ත්‍රාත් ගෞරව නාමය ලබා දුන්න ද ඔවුන්ට නඩු ඇසීමේ බලයක් නැති බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට දැනුම් දෙන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ අජිත් පී. පෙරේරා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, නගරාධිපතිවරයා හමු වීමට පැමිණි නීතිඥවරියක ඇතුළු පිරිසකට තමන් නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු බව ප්‍රකාශ කරමින් බැණ වැදී තර්ජනය කිරීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නගරාධිපතිට පමණක් නොව නි. නගරාධිපති, සභාපති සහ උප සභාපතිට අදාළ ගෞරව නාමය ලැබෙන නමුත් ඔවුන් කිසිවෙකුට නඩු ඇසීමට බලයක් නැතැයි ඔහු අවධාරණය කරයි.

නීතීඥවරයෙකු එළියට දැමීමට තමන් බලතල ඇතැයි ප්‍රකාශ කරන රංජන් ජයලාල්ගේ ඔළුව පරික්ෂා කළ යුතු බව ද අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරයි.

අද (17) සජබ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *