තමා මෙතෙක් හෙළි කළ කරුණු සාගරයෙහි පාවෙන අයිස් කන්දක් වැනි බව ජවිපෙ හිටපු දේශපාලන බල මණ්ඩල සභික නන්දන ගුණතිලක පවසයි.
එහි යට කොටස බොහෝ දෙනා සිතන ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල බවත් එය නඩු විභාගයක් සඳහා වැදගත් බවත් ඔහු සඳහන් කරයි.
ඔහු (රංග දිසානායක) ජවිපෙ නීති අංශයේ සිටි බව දන්නා දේශපාලන බල මණ්ඩල සාමාජිකයන් 6 දෙනෙකු තමන් සමග සිටින බවත් එය දන්නා මධ්‍යම කාරක සභා සභිකයන් ප්‍රමාණය ඊට වැඩි බවත් නන්දන ගුණතිලක ප්‍රකාශ කරයි.
සිය facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.