යෝෂිත රාජපක්ෂ අද අත්අඩංගුවට ගන්නා බව තමන් ඊයේ රාත්‍රී වන විටත් දන්නා බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර පවසයි.
කෙසේ වුව ද එම පුවත තමන් රහසක් සේ තබා ගත් බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
“දැන් කියයි අපේ එයා මදියි නෙ, තව එක්කෙනෙක් ගන්න කියලා. ඒවා ලේසියෙන් බෑ. නීත්‍යානුකූලව පරීක්ෂණ කටයුතු කරලා ගන්න ඕන. අපට මර්වින් සිල්වා වගේ වෙන්න බෑ. මුං බයවෙලා ඉන්නේ.
අපි දැන් ඉදිරියට යා යුතුයි. අතාරින්න එපා. රටට වින කළ ඔක්කෝම එවුන් යවලා අපි මේ බලය ගත්තේ ආයේ දෙන්නද? අපට මාස හයකින් මේක කරන්න බැරි වුණා කියමු. ඒත් අපි දෙන්නද?
මේක ආයේ දෙන්නේ නැහැ පුතේ. මේක හදලමයි යන්නේ. බලය ගන්න දරපු වෙර මෙන් දහ පහලොස් ගුණයක වෙර දරන්න වෙනවා, බලය පවත්ව ගන්න. තියා ගන්න. මේක අතහරින්න බෑ.”
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ උත්සව සභාවක් අමතමිනි.