යෝජිත ගෙවල් කුළී පනත කුළීකරුවන් රකින නිවාස හිමියන් පාරට ඇද දමන විකෘතියක්…! – හිටපු අධිකරණ ඇමති…

February 4, 2026 at 3:47 pm | by emanisa.lk

යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන් සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී නීතිය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙන බවට හිටපු අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ අනතුරු අඟවයි.

මෙම පනත මගින් යම් දේපළක පුද්ගලයෙකු නීති විරෝධීව පදිංචිව සිටියත් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත් නිවසෙහි හිමියාට කිසිවක් නොලැබෙන බවත් හිටපු ඇමතිවරයා පෙන්වාදෙයි.

මෙය විශාල විකෘතියක් බවත් ඉන් ජනතාව කබලෙන් ළිපට වැටෙන බවත් පෙන්වා දෙන විජේදාස රාජපක්ෂ, නීත්‍යානුකූලව පවා පදිංචිකරුවන් ඉවත්කරගත නොහැකි තත්ත්වයක් උදාවන බවද ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *