යුරෝපයේ දූපතක් මිලට ගත් කතා බොරු…! පොඩි ළමයින්ගේ කතාවලට නඩු දාන්නේ නෑ..! – ජවිපෙ…

August 18, 2023 at 8:38 am | by emanisa.lk

අමාත්‍ය ටිරාන් අලස් සමග එකතු වී යුරෝපයේ දූපතක් මිලට ගත් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදුකළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසන්නේ කෙසේ වුව ද මේ පිළිබඳ නඩු පැවරීමට කටයුතු නොකරන බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදුකළේ අවධානය ලබා ගැනීමට පොඩි දරුවන් සෙල්ලම් බඩු පොළොවේ ගැසීම වැනි ක්‍රියාවක් බවත් ඒ පිළිබඳ තමන් කලබල නොවන බවත් විජිත හේරත් වැඩි දුරටත් සඳහන් කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පසුගියදා සිදුකළ චෝදනාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *