රාජ්‍ය ආයතනයක් කළමනාකරණය කිරීමේ හැකියාව සහ දක්ෂතාව නොමැති ජවිපෙ වෘත්තීය සමිති නායකයන්ගෙන් රාජ්‍ය ආයතන පිරවීම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
මුතුරාජවෙල තෙල් පර්යන්තයේ කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙකු ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධුරයට පත්කොට ඇති බවයි, ඔහු පෙන්වා දුන්නේ.
නිවැරදි ලෙස ගිවිසුමක් පවා අවබෝධ කරගත නොහැකි මෙම පුද්ගලයා විසින් රජය යුනිටඩ් පෙට්‍රෝලියම් සමාගමට වන්දි ගෙවිය යුතු බවට අසත්‍ය ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ද නොමග යවා රටට බොරු කියන තත්ත්වයට පත් කොට ඇති බවට ද කාංචන විජේසේකර චෝදනා කරයි.
එහෙයින් කිසිදු පදනමක් නොමැතිව අදාළ සමාගමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වන්දි ගෙවීමට කටයුතු කළහොත් තමා ඊට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ද ඔහු අවධාරණය කරයි.
ඊයේ (07) ස්වර්ණවාහිනිය රතු ඉර වැඩසටහනට එකතු වෙමින් කාංචන විජේසේකර මේ බව කීය.