ඉදිරියේදී සිදුවන විදුලි කප්පාදුවේ වගකීම ඉරාන යුද්ධය නොව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක භාරගත යුතු බව හිටපු බලශක්ති අමාත්‍යයේ පාඨලී චම්පික රණවක පවසයි.
“දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී ආණ්ඩුව සිදුකළ ප්‍රධානම වැරැද්ද වන්නේ, ස්විච්ඡා සංවිධානවලට නිවාස, ආගමික ස්ථාන ගොඩනැගීම සඳහා අවසර නොදීමයි. සුනාමි ව්‍යසනයේ සිදු වූ විට ආණ්ඩුවට ගෙවල් හදන්න පල්ලි හදන්න වුණේ නෑ ස්වේච්ඡසංවිධානය ඔක්කොම කළා. ආණ්ඩුව එතනයි වරද්ද ගත්තේ. තාම නිවාස හදන්ඩ පටන් අරන් වත් නෑ. ඉඩම් හඳුනගෙනවත් නෑ. සමාජ මාධ්‍යවලින් නම් මෙම ව්‍යසනය ජය අරගෙන තිබෙනවා, හැබැයි මහපොළොවේ තාම මිනිස්සු කූඩාරම්වල.
ආණ්ඩුවට ආපු පළවෙනි අභියෝගය. මේක අනතුරු අගයවීමක් කරලා තිබෙද්දී බේරගන්න බැරි වුණා මේ අනතුර. යුද්ධයෙන් පසුව ආණ්ඩුව පළමු තෙල් ටෙන්ඩරේ දැම්මේ මාර්තු 18. ඒ තෙල් තාම ලංකාවට ඇවිල්ලත් නෑ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇවිල්ලා දින හතළිහකට තියෙනවා කිව්ව තෙල්වලට තමා මේ කළු කඩේ බදු ගහන්නේ..
මේ ආණ්ඩුවේ බාල ගල් අඟුරු ගෙන්වීමේ වංචාව නිසා දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 6-8ක් අතර නාස්තියක් වෙනවා. මේ නාස්ති වෙන්නේ බස් එකට ලොරියට ගහන්න තියෙන ඩීසල්. ඒ නිසා මේ ගල්අගරු වංචාව නිසා විදුලිය කපන්නට සිද්ධ වේවි. හැබැයි විදුලිය කපන එකේ වගකීම ඉරාන යුද්ධය නෙමෙයි අනුර කුමාර ජනාධිපතිතුමා භාරගත යුතුයි”
පාඨලී චම්පික රණවක මේ බව පැවසුවේ දිට්වා සුළි කුනාටුව නිසා හානියට පත් නාවලපිටිය ශ්‍රී කවිශ්වර වේළුවනාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බෝදාගම චන්දිම හිමිගේ මූල්‍ය ආධාර වැඩසටහනේ යටතේ රුපියල් ලක්ෂ 10 කට අධික පරිත්‍යාගයක් සිදුකළ අවස්ථාවට එකතු වෙමිනි.