යුද්දේ අවසන් කළ නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට අපි විරුද්ධයි….! – මහින්ද වෙනුවෙන් අරගලකරුවොත් පෙරට….

February 4, 2025 at 7:04 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දූෂණයට විරුද්ධව අරගල කළත්, ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් අකමැති බව අරගලයේ නියමුවෝ සංවිධානය කැඳවුම්කරු ප්‍රදීප් චාර්ල්ස් පවසයි.

“දැන් ජනතාවට දුන්න පොරොන්දු ටික ඉෂ්ට කරන්න මේ ආණ්ඩුවට පුළුවන්ද නැද්ද කියන එක අද ජනතාවට තේරිලා තියෙනවා. අපි එදා ගාලු මුවදොර පිටියේ කඳවුරු ගහලා GotoGoHome කියලා බෝඩ් අල්ලන් අපි පාරේ හිටියේ රාජපක්ෂ දූෂණයට විරුද්ධව. නමුත් අපි කැමති නෑ අපේ රටේ යුද්ධය නවත්වපු නායකයාව කුණු බාල්දියට දාලා එතුමාගේ ආරක්ෂාව නැති කරලා එතුමාට මේ මහ පාරේ ජීවිතේ පුදන්න තියන්න අපි කැමති නැහැ.

මේ ආණ්ඩුවට චන්දෙ දීලා ජනතාව රැවටුණා ද කියන කලකිරීමෙන් තමයි මේ මොහොත වෙනකොට ජනතාව පත් වෙලා තියෙන්නේ. එකට ප්‍රධාන හේතුව තමයි මේ රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය ඇවිල්ලා කුසගින්න. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය තමයි ගොවියා බිම දෙවියා කියන මේ රටේ රටේ මිනිස්සුන්ට හාල් ටිකක් නෑ පොල් ටිකක් නෑ දැන් ලුණු ටිකත් පිටරටින් ආනයනය කරන තත්වයට ආණ්ඩුව පත් වෙලා තියෙනවා.

එහෙම මොහොතක මහින්ද මහත්තයාගේ පිටිපස්සෙන් එලව එලව රට වටේට ගිහිල්ල කෙඳිරි ගාන කන්දොස්කිරියාව දානවා ජනාධිපතිතුමා. විශේෂයෙන්ම අපි මතක් කරනවා ජනාධිපතිතුමාට මේක කන්දොස්කිරියාව දදා රට වටේ යන කාලයක් නෙවෙයි. ඒක නිසා විශේෂයෙන්ම අපි මතක් කරනවා මහින්ද මහත්තයාගේ විජේරාම නිවස අනුමත කරන සභාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එවකට අනුර කුමාර දිසානායක සභාවේ හිටියද නැද්ද කියන ඇත්ත කරුණාකරලා හෙළි කරන්න.

රට වටේට ගිහිල්ලා ඇස් දෙක ලොකු කරගෙන කට උලුප්පගෙන මහින්ද මහත්තයා මහින්ද මහත්තයා කියන එක මතුර මතුර මහින්ද මහත්තයාගේ පිට දාලා රටේ ප්‍රශ්න වහන්න හදනවා නම් මේකට අපි කිසිම එකඟතාවක් නෑ.

ඊට පස්සේ මහින්ද මහත්තයාගේ නම පතුරන්න. මහින්ද රාජපක්ෂමහින්ද රාජපක්ෂ කියන ඒ පුද්ගලයාගේ පිට මේ රටේ ප්‍රශ්න ටික යටපත් කරලා මහින්ද රාජපක්ෂගේ පිටට කරදාලා කරුණාකරලා මේ රටේ ප්‍රධාන ප්‍රශ්නවලින් වසන් වෙන්න හදන්න එපා.

ඒ කාලේ යුද්ධයට කෙලින්ම යුද්ධය නවත්තනවා කියලා රට බාරගන්නකොට රටේ ජනාධිපතිවරණයට තරඟ කරනකොට යුද්ධය නවත්වනවා කියන පොරොන්දුව මත තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රට භාර අරගෙන ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කළේ.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *