යුක්‍රේනයේ සියලු මරණවල වගකීම නේටෝව ගතයුතුයි..! අපේ අවසානය නුඹලාගේ ද අවසානයයි…! – යුක්‍රේන ජනපති…

March 6, 2022 at 6:24 am | by emanisa.lk

යුක්‍රේන ගුවන් කලාපය ගුවන් මුක්ත කලාපයක් ලෙස නම් කරන්නැයි යුක්‍රේනය විසින් කරන ලද ඉල්ලීම ඉල්ලීම නේටෝ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ එවන් තීරණයක් මගින් යුරෝපයම රුසියාව සමග යුද්ධයකට ඇදදැමීමක් වනු ඇතැයි පුරෝකතනය කරමිනි.

නේටෝවේ මෙම තීරණයත් සමගින් යුක්‍රේන ජනාධිපතිවරයා විසින් නේටෝ වෙත දැඩි විවේචන ඉදිරිපත් කර ඇත.

ඉදිරියේදී යුක්‍රේනයේ සිදුවන සියලු ම මරණවලට නේටෝ සංවිධානය වගකිව යුතු බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේය.

“අද පටන් මෙහි සිදුවන සෑම මරණයකම වගකීම පැටවෙන්නේ ඔබ මතයි. ඔවුන් සියලු දෙනා මිය යන්නේ ඔබ නිසා. ඔබේ දුර්වලකම නිසා. ඔබ අත්හැර දැමූ නිසා. පැවති නේටෝ හමුව දුර්වල හමුවක්. පැටලිලි සහගත හමුවක්.

යුරෝපයේ නිදහස වෙනුවෙන් අප සිදුකරන සටනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු නැතැයි ඔවුන් සිතනවා. යුක්‍රේනයට ඉහළ අහස වසාදැමීමෙන් නේටෝ සංවිධානය රුසියාවේ සෘජු කෝපයට ලක්වන බවයි ඔවුන් හිතන්නේ. යම් හෙයකින් මේ සටන අවසානයේදී යුක්‍රේනය බිඳ වැටුණහොත්, එය යුරෝපයේද බිඳ වැටීම වියහැකිය”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස