යාළුවෙක් විගණකාධිපති කරලා බේරෙන්න බෑ… අපේ ආණ්ඩුවෙන් මාලිමා කන්ටේනර් හොරු හිරේ දානවමයි…! – සාගර කාරියවසම්….

December 30, 2025 at 1:02 pm | by emanisa.lk

සිය ආණ්ඩුවක් යටතේ රේගුවෙන් කන්ටේනර් 323ක් පිටකළේ අනුර දිසානායක ද බිමල් රත්නායක ද යන්න සොයා වැරදිකරු අනිවාර්යෙන් සිරගෙට යවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

එම වංචාව තමන්ට හිතවත් විගණකාධිපතිවරයෙකු පත්කරගෙන යට ගැසීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ද ඔහු අවධාරණය කරයි.

ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීන නියෝජිතයන් තිදෙනාගේ ධුර කාලය ජනවාරි මස අවසන් වූ පසු සිය මිතුරන්ගෙන් අදාළ තනතුරු පුරවා මාලිමා ආණ්ඩුවේ හොරකම් සඳහා අනුබල දෙන විගණකාධිපතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවට ද සාගර කාරියවසම් චෝදනා කරයි.

නිදහසින් පසු කිසිදු රාජ්‍ය නායකයෙකු රජයේ මූල්‍ය කටයුතු විමර්ශනය කරන විගණකාධිපති ධුරයට අත නොතැබූ බවත් වර්තමාන පාලකයා සිදුකරන මෙම අත්තනෝමතික ක්‍රියාවට පක්ෂ පාට භේද නොතකා සියලු දෙනා විරුද්ධ විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *