යාපනය තිස්ස විහාරයේ ඉඩම් දෙමළ මුස්ලිම් මිනිසුන්ගේ පාරම්පරික ඉඩම් බව බැරගම විමලබුද්ධි හිමි පවසයි.
“යාපනය තිස්ස විහාරය කියලා පැරණි පුරාවිද්‍යා භූමියක් අල්ල ගෙන අනවශ්‍ය ගැටුමක්. නාගදීපේ නායක හාමුදුරුවෝ කියනවා මේවා මුස්ලිම් දෙමළ මිනිස්සුන්ගේ පාරම්පරික ඉඩම්. කොළඹින් අලුතින් මිනිස්සු ඇවිත් හදන මේ ප්‍රශ්න රටේ ජනතාවගේ සමගියට බාධා නොවන්න විසඳන්න ඕනෑ කියලා උන් වහන්සේලා කියනවා. සමහර දේශපාලනඥයෝ ඇති කරන වාදභේදවලට අහුවෙන්න එපා කියලා අපේ ආදරණීය ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.”
ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජනරැලියක් අමතමින් එහිමියන් මේ බව ප්‍රකාශ කළේය.