ලංකාවේ හොරකම් කරනවා නම් රටේ සියලුම අධිකරණවල ගොඩනැගිලි වටිනාකමට වඩා දැවැන්ත හොරකම් කළ යුතු බවත් එවිට එම නඩු කල් දමමින් මැරෙන තුරු නිදහසේ සිටිය හැකි බබත් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සඳහන් කරයි.
“මම ලංකාවෙ මහා පරිමාණයෙන් හොරකම් කළා කියන අයව ආශ්‍රය කරල තියෙනවා වගේම තාමත් ඇසුරු කරනවා. ඒ අයව කිසිම උසාවියක වරදකරුවන් කරලත් නැහැ. ඒ අය ඇසුරු කිරීමෙන් මම ඉගෙන ගත්ත දේ තමයි;
“හොරකම් කරනව නම්, නීතිපති දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, සුප්‍රිම් කෝට් ගොඩනැගිල්ලේ සිට ලංකාව පුරා විසිරිල තියෙන අධිකරණවල ගොඩනැගිලිවල මාකට් වැලිව් එකටවත් වඩා හොරකම් කරන්න ඕන කියන එක.”
එතකොට තමා නඩු කල් දදා මැරෙනකම් ඉන්න පුළුවන්. ඔය නාමල් එහෙම පොර ටෝක්ස් දෙන්නෙ ඒකනෙ.
මම ලංකාවෙ සහ තවත් රටක දූෂණය ගැන ජනමාධ්‍යවේදීන්, ඒ වගේම සිවිල් සමාජ නායකයින් පුහුණු කරන්න මොඩියුල් හදන්න සහභාගි වුණ කෙනෙකු ලෙස කියන්නෙ ඔය ටික. ඒ අයව අල්ලන්න ලංකාව වගේ රටකට ශක්තිය හෝ හැකියාව නැහැ. මැතිවරණ වේදිකාවල දෙන කයිය හෝ වහසිබස් විතරයි.
දැන් අනුර වටෙත් යාලුවො විදියට කීදෙනෙක් ඉන්නවද ආණ්ඩුවක් මිල දී ගන්න හැකි අය. උදාහරණයකට කියනව නම්, අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කරල රනිල් දෙපාරක් බොන්ඩ් හොරකම් කළෙත් මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණයට ගත්ත ණය ගෙවන්නත්, දෙවෙනි බොන්ඩ් වංචාව කළේ මහ මැතිවරණයට සල්ලි හොයන්න. ඒ සල්ලිවලින් කොටසක් ජවිපෙටත් ගියා.
ජනාධිපති කොමිසමේ හිටපු විසුරුවරුන් කිව්ව, මේ බැඳුම්කර සීන් එක අඩුගානෙ 2007 දි සිට හෝ සිදුවෙලා තියෙනව. ඒ ගැන ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න කියල.
සිරිසේන ඒක කළෙත් නැහැ, ගෝට ඒක කළෙත් නැහැ, රනිල් ජනාධිපති වෙලා ඒක කළෙත් නැහැ. ඇයි අනුරතුමා හෝ දැන් ඒ පරීක්‍ෂණ නොකරන්නේ? මට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඒක.
ඉතුරු ටික මම පසුව ලියන්නම්!”
එම බැඳුම්කර වංචාව සිදුවන අවස්ථාවේ මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් සිය මිතුරෙකු බවද ඔහු සමග මෑතකදී තමන් දීර්ඝ දුරකථන සංවාදයක් සිදුකළ බවද ඔහු මීට පෙර පවසා තිබිණි.