තමා පාර්ලිමේන්තුවේ පසුගිය දිනයක ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබා නොගත් බව මිස දීමනා නොගත් බව නොවේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි.
තමන් එතෙක් සේවය කළ පුනරුත්ථාපන අධ්යක්ෂ ධුරයෙන් නිවාඩු ලබා ගත්තේ වැටුප් සහිතව බවත් අදාළ වැටුප එම අමාත්‍යංශය ඔස්සේ ලැබුණු බවත් හෙතෙම අවධාරණය කරයි.
දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ලෙස තමන් ලැබුවේ පෙට්‍රල් දුරකතන ඇතුළු රු. 45000ක පමණ මාසික දීමනාවක් ලැබූ බවත් චෝදනා කරන බොහෝ දෙනාට වැටුප් දීමනා පිළිබඳ අවබෝධයක් නොමැති බවත් ආනන්ද විජයපාල සඳහන් කරයි.
දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඊයේ (23) හෙතෙම මේ බව කීය.