තමන් සිය රට පාවා දීමට එරෙහිව සටන් වැද දිවිපිදූ පරම්පරාවක් නියෝජනය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
“අපි මෝදිට රට පාව දෙන්න? අපි මේ රටේ විමුක්ති වෙනුවෙන් රටේ නිදහස වෙනුවෙන් පාවදීමට එරෙහිව සටන් කරලා දිවි පිදූ පරම්පරාවක් නියෝජනය කරන්නේ. ඒක අපේ හතුරෝ මතක තියා ගන්න ඕන.
අසල්වැසි ඉන්දියාව, විශාලම රාජ්‍යය. ඒ රටේ රාජ්‍ය නායකයා අපේ ආණ්ඩුවක් යටතේ ලංකාවට ආවම ඒක ලංකාවට ජනතාවට ආණ්ඩුවට අපට ගෞරවයක්. එතුමා පිළිගන්න එක. ආර්ථික දේශපාලන එකඟතාවලට එළඹෙන එක රටක කරන්න ඕන දේවල්.
මේක ගොඩගන්න ඕන කවුරුත් එක්ක එකතු වෙලා. ඒකට සූදානම් වෙන කොට අර වගේ කුඩා කුඩා බොරු හදලා අනවශ්‍ය දේවල් කරනවා. අපි රට පාව දෙන්න හදනවා කියන එක තමයි, ලොකුම විහිළුව.”
අනුරාධපුර දී ඊයේ (05) පැවති අප්‍රේල් විරු සමරුවට එකතු වෙමින් ටිල්වින් සිල්වා මේ බව කීය.