මොරටුවේ හිටපු නගරාධිපති අත් අඩංගුවට….!

September 10, 2025 at 4:18 pm | by Namal

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සමන්ලාල් ප්‍රනාන්දු නගරාධිපති ධූරයේ කටයුතු කළ සමයේ සිදු කළ මූල්‍ය ගනුදෙනු හා සංවර්ධන කටයුතුවලදී මූල්‍ය වංචා සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙනි.

මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති පවතින ක්‍රමවේදයෙන් බැහැරව යමින් සිය හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීමෙන් රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය පාඩුවක් සිදුකිරීම පිළිබඳවද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් හිටපු නගරාධිපතිවරයා අද(10) සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *