මොඩියුලයට සමරිසි යොමුව දැමූ අය ගැන වාර්තාව ආව…. පුද්ගලයා නෙමෙයි අරමුණ හොයනවා…! – ඇමති විජිත හේරත්…

January 5, 2026 at 4:54 pm | by emanisa.lk

හයවන ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයයට අදාළ ඉගෙනුම් මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව මේ වන විට ලැබී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාළ වාර්තාව අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරිපාලන කටයුත්තක් බැවින් එහි අන්තර්ගතය ප්‍රසිද්ධ කළ නොහැකි බවත්, ඉන් අනතුරුව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වනු ලබන්නේ මෙය සිදුකළ පුද්ගලයා අනාවරණය කර ගැනීමට නොව, එවැනි ක්‍රියාවක් සිදුකිරීමේ මූලික අරමුණ සහ ඒ පිටුපස ඇති චේතනාව පිළිබඳව කරුණු හෙළි කර ගැනීමට බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *