මෛත්‍රී රනිල් ආණ්ඩුවක් සඳහා සාකච්ඡා!

January 28, 2019 at 10:55 am | by admin

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර පවතින ගැටලු සමනය කොට තවදුරටත් දෙපක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පවත්වා ගෙන යාම සඳහා රහස් සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට අදාළ මූලික සාකච්ඡාව පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කොළඹ පිහිටි එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකුගේ නිවසේදී පවත්වා තිබේ.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඊට සහභාගි වී ඇත්තේ ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතිවරයෙකි. මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිධූර අපේක්ෂකත්වය නැවත ලබාදීමද සාකච්ඡා කළ කරුණු අතර විය.

මෙම දෙපක්ෂය සම්බන්ධීකරණය කොට ජනාධිපතිවරයාගේ සමීපතමයා සාකච්ඡාව සඳහා කැඳවාගෙන ගොස් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ එ.ජා.ප. මන්ත්‍රීවරයෙකි. මෙම සාකච්ඡාවේදී ඉදිරි පළාත් සභා මැතිවරණය ගැන මෙන්ම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැන ද සාකච්ඡා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස