මෛත්‍රී දයාසිරිට වැටෙන්න ම ගහයි…! දිස්ත්‍රික් නායකත්වයත් උදුර ගනී…!

December 29, 2023 at 2:50 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මෙතෙක් දැරූ කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

මේ අතර පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 23 දා බිංගිරියේදී දිස්ත්‍රික් සංවිධායකවරුන් හමුවී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප නායකත්වය සඳහා වයඹ පළාත් හිටපු සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වෙඬරුව පත් කරන ලෙස එම දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් හිටපු ජනාධිපතිවරයාගෙන් එහි දී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *