මෛත්‍රී ජනාධිපති අරමුදල අවභාවිත කරලා… FCIDයට පැමිණිල්ලක්….!

June 21, 2025 at 9:27 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 වසරේ දී ජනාධිපති අරමුදලේ රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් අවභාවිත කර ඇති බවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ (20) පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

එප්පාවල සමූපාකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන්, මෙම මුදල් ලබා දීම එම මුදල් අවභාවිත කළ බවට එප්පාවල සමූපාකාර සමිතියේ උප සභාපති පි.වී. ලක්ෂ්මන් ජයවර්ධන මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එප්පාවල සමූපාකාර සමිතියට සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුව 2019 ජනවාරි මාසයේදී එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර එහි ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් ලබා දී තිබේ.

මේ වන විට ගොඩනැගිල්ලේ වැඩකටයුතු අතරමග නැවතී තිබෙන බව පවසන ලක්ෂ්මන් ජයවර්ධන මෙහි මුදල් අවභාවිත කර ඇති බව පවසයි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ඒ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *