මේ වෙලාවේ රාජ්‍ය සේවයට ඇඟිලි සලකුණ අනිවාර්ය කරගත යුතුමයි… ජවිපෙ විපක්ෂයට ගියාම මේක කරන්න දෙන්නේ නෑ…!

August 20, 2025 at 7:12 pm | by Namal

රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණ අනිවාර්ය කිරීමට තමන් කොන්දේසි විරහිතව එකඟ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.

මේ ආණ්ඩුව ලවා කර ගැනීමට මෙවැනි කටයුතු කිහිපයක් ඇති බවත් ඔවුන් විපක්ෂයේ සිටියේ නම් කිසිසේත් ඇඟිලි සලකුණ අනිවාර්ය කිරීමට ඉඩ නොතබන බවත් ඔහු ප්‍රකාශ කරයි.

ජවිපෙ විපක්ෂයේ සිටියේ නම් සිය වෘත්තීය සමිති ලවා ඊට විරෝධය ගොනුකර සමාජය ද අවුස්සා සමස්ත රාජ්‍ය අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බවට ද ප්‍රසාද් සිරිවර්ධන චෝදනා කරයි.

පසුගිය සමයේ ආණ්ඩු ගෙන ආ මෙවැනි ප්‍රගතිශීලි කිසිදු යෝජනාවකට ජවිපෙ විපක්ෂයේ සිට සහයෝගය ලබා නොදුන් බවත් එවැනි එක වැඩක් හෝ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවත් ඔහු සඳහන් කරයි.

ප්‍රසාද් සිරිවර්ධන මේ බව කියා සිටියේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *