මේ වෙලාවේ පක්ෂ පාට භේද එපා.. නිලධාරීන්ට බලය දෙන්න.. ඇඳිරි නීතිය පනවන්න…! – දිලිත් ජයවීර….

November 28, 2025 at 5:21 pm | by emanisa.lk

මෙම මහා ජාතික ආපදාව හමුවේ සියලු දෙනා පක්ෂ පාට භේද නැතිව එකම ජාතියක් ලෙස එකමුතුව කටයුතු කළ යුතු බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ජනාධිපතිවරයා කැඳවූ පක්ෂ නායක සමුළුවට සහභාගී සිය සාධනීය යෝජනා ඉදිරිපත් කළ බවත් අකර්මන්‍ය වී ඇති රාජ්‍ය තන්ත්‍රය සක්‍රීය කිරීම සඳහා නිලධාරීන්ට අවශ්‍ය බලතල ලබා දී ආපදා තත්ත්වය පහව යන තුරු ඇඳිරි නීතිය බලාත්මක කරන ලෙසත් එහි දී ඉල්ලා සිටි බවත් හෙතෙම සඳහන් කරයි.

එපමණක් නොව සර්වජන සභා ඇතුළු සිය පක්ෂ යාන්ත්‍රණය භාවිත කරමින් ආපදාවට පත් ජනතාවට සහන ලබා දීමේ නිර්දේශපාලන වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ආණ්ඩුව සමග එකතු වී ඊට මුහුණ දීමට අවස්ථාව ලබා දෙන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.

අද (28) මාධ්‍ය හමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *