මේ රට විනාශ කළේ මධ්‍යම පාන්තිකයෝ….! – නි. ඇමති චතුරංග අබේසිංහ….

July 5, 2025 at 6:25 pm | by emanisa.lk

මධ්‍යම පන්තිය ද දායක වී මේ රටේ දශක ගණනාවක් දියත් කළ වැරදි ක්‍රම නිසා ඇති වූ වේදනාව දැන් දැරීමට සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“මධ්‍යම පාන්තිකයෝ කෑ ගහන කොට කන්නාඩිය ඉස්සරහට යන්න. කන්නාඩිය ඉස්සරහට ගිමින් බලන්න. මේ අටමගුලට මමත් අවුරුදු 20-30ක් දායක වුණා. දූෂිතයන් පවත්වාගෙන යන්න.

දූෂිත ක්‍රමය පවත්වා ගෙන යන්න. වැරදි ආර්ථික ක්‍රමය පවත්වා ගෙන යන්න. අපි සියලු දෙනා දායක වුණා. ඒ pain එක තමා මේ ගන්නේ. ඒ pain එක තමයි මේ දරන්නේ.”

ඔහු මේ බව පැවසුවේ සියත නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *